The Flying Spaghetti Monster
මේක හැදුනේ කොහොමද ?
2005 දී, එවකට රැකියා විරහිත භෞතික විද්‍යා උපාධිධාරියෙකු වූ බොබී හෙන්ඩර්සන් විවෘත ලිපියකින් යෝජනා කලා ලෝකය නිර්මාණය කළේ පැස්ටා වලින් සාදන ලද පියාසර ස්පැගටි මොන්ස්ටර් විසින් කියලා. මෙම විවෘත ලිපිය, විද්‍යා පන්ති වලදී, බුද්ධිමය සැලසුම් ඉගැන්වීමට පාසල්වලට අවසර දෙන බවට කැන්සාස් පාසල් මණ්ඩලයේ තීරණයට ප්‍රතිචාරයක් වුනා.
හෙන්ඩර්සන්ගේ විවෘත ලිපියේ ඔහු තර්ක කළේ පියාසර කරන ස්පැගටි රාක්ෂයා ලෝකය නිර්මාණය කළ “විකල්ප න්‍යාය” සිසුන්ට ඉගැන්විය යුතු බවයි.
හෙන්ඩර්සන් ඔහුගේ පුද්ගලික වෙබ් අඩවියට විවෘත ලිපිය පළ කළ අතර, ඊළඟ සතිවලදී බොහෝසෙයින් ජනප්‍රිය උනා . කැන්සාස් පාසල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු හෙන්ඩර්සන්ට ස්තුති ලිපියක් ලිවූ අතර එක් සාමාජිකයෙකු ඔහුට තරවටු කිරීමට ලිවීය.
වැඩි කල් නොගොස් මෙයාගේ මේ අමුතු කතාවට අනුගාමිකයන් ගොඩක් එකතු උනා.ඒ අය පියාඹන ස්පැගටි රාක්ෂයා නිරූපණය කරන චිත්‍ර අදින්නට සහ ස්පැගටිව විස්තර කිරීමට පටන් ගත්තා.
මේක කොච්චර ප්‍රසිද්ධ උනාද කියනවනම් ව්‍යාජ ආගමක් ලෙස ආරම්භ වූ දේ අද සත්‍ය ආගමක් බවට පත්වෙමින් තියෙනවා.Pastafariansලා කියන්නේ ස්පැගටි ආගමේ අනුගාමිකයන්‍ටයි.
සෑම ආගමකටම වගේම Pastafariansලාටද තමන්ටම කියලා ආගමික ආයතනයක් තියෙනවා.ඒ තමයි පියාසර ස්පැගටි රාක්ෂයාගේ දේවස්ථානයයි(The Church of the Flying Spaghetti Monster). එහි අනුගාමිකයින් විශ්වාස කරන්නේ පියාසර කරන ස්පැගටි රාක්ෂයා බියර් සහ මුහුදු කොල්ලකරුවන්ට ප්‍රිය කරන හාස්‍යජනක හැඟීමක් ඇති දෙවියෙකු බවයි.
ඔහු කඳු, ගස් සහ වාමන සතුන්ගෙන් ලෝක නිර්මාණය ආරම්භ කරල තියෙනවා.Pastafariansලා පවසන පරිදි, ඔවුන්ගේ පල්ලියේ විශාල ප්‍රමාණයක් ඇදහිලිවන්තයන් සිටී!
කෙසේ වෙතත් ඔවුන්ගේ ආගමේ හාස්‍යජනක අන්තර්ගතය තහවුරු වී ඇත්තේ අහම්බයකින් පමණි.මෙම ආගම අන් කිසිවකට වඩා වෙනස් වන්නේ ප්‍රතිපත්ති, යාඥාවන් සහ වෙනත් චාරිත්‍ර නොමැති වීමෙනි. වැදගත් වන එකම දෙය නම් ස්පැගටිගේ අසීමිත බලය පිළිබඳ විශ්වාසයයි.
Pastafariansලාගේ නිවාඩු දවස්.
සෑම සිකුරාදාවක්ම.
Pastafariansලා බීර පානය කිරීමෙන් සහ විවේකයෙන් මෙදින සිටී.
Pastover
පැස්ටාෆරියානුවන් පැස්ටා අනුභව කිරීම, මුහුදු කොල්ලකරුවන් ලෙස සැරසීම හා සිරිත් විරිත්වලට අනුකූල වීම අගය කරනවා. දිනය වසරින් වසර වෙනස් වේ; බොහෝ දුරට මාර්තු හෝ අප්රේල් වෙනවා.
හැලොවීන් (ඔක්තෝබර් 31)
Pastafariansලා මුහුදු කොල්ලකරුවන් වගේ මේ දවසට අදිනවා.
Pastafariansලගේ Holy Days Calendar එක මේ ලින්ක් එකෙන් ගියොත් බලාගන්න පුලුවන්.
https://www.pastafariancalendar.com/
Pastafariansල විවිධ මට්ටමේ සාර්ථකත්වයන් සමඟින්, ආගමක් ලෙස පිළිගැනීමට උත්සාහ කරමින්, රටවල් කිහිපයක තමන්ගේ ආගමික අදහස්, භාවිතයන් විශේෂ වරප්‍රසාද ලබා ගනිමින් , නීතිවලට අභියෝග කරලා තියෙනවා .
2011 දී පැස්ටාෆාරියන්වරයෙකුට ඔස්ට්‍රියාවේ ඔහුගේ රියදුරු බලපත්‍රයේ ඡායාරූපයේ ඔහුගේ හිස මත colander එකක් පැළඳීමට අවසර දීල තියෙනවා.ඒක නිසා නිල ලේඛන සඳහා ආගමික හිස්වැසුම් සඳහා අවසර දී ඇති අතර, පසුව චෙක් ජනරජයේ, නවසීලන්තයේ සහ එක්සත් ජනපදයේ සමහරක් ප්‍රාන්තවල එම colander එක ආගමික හිස් ආවරණ ලෙස පිළිගත්තා.
Flying Spaghetti Monster 2016 දී නෙදර්ලන්තයේ ආගමක් ලෙස පිළිගනු ලැබූ අතර එම වසරේම නීත්‍යානුකූලව පිළිගත් පළමු Pastafarian විවාහය නවසීලන්තයේදී සමරනු ලැබුවා.
Flying Spaghetti Monster ගැන වැඩි දෙයක්නම් දන්නේ නෑ,මොකද කියනවනම් මේක ගැන වැඩිවිස්තරයක් තියෙන තැනක් හොයාගන්න බැරිවුනා.
තියෙන විස්තරත් සමහර ඒවාගේ එකකට එකක් වෙනස්.
කොහොම උනත් මේ ගැන දන්නෙම නැති අයට මේක ටිකක් හරි වැදගත් වෙයි කියල හිතෙනවා.
මේ දවස්වල ලන්කාවේ ගොඩක් ෆේස්බුක් ගෘප්වල,කට්ටියගේ පෝස්ට්වල ට්‍රෙන්ඩින්ග් යන ටයිටල් එකක්නේ මේක ඉතින්.
Sources & References-:
www.britannica.com
en.wikipedia.org
www.pastafariancalendar.com
www.abc.net.au
www.wallpaperaccess.com
කලින් ආටිකල්වල වගේම කියන්න තියෙන්නේ හොද,නරක ඔයාලගේ අදහස් ,යෝජනා තියෙනවනම් කමෙන්ට් කරන්න කියල තමයි.
ෆේස්බුක් එකෙන් මාව ෆලෝ කරලා ටච් එකේ ඉන්න.
ඊළග ආටිකල් එකෙන් අපි ආයෙත් හම්බෙමු...
මම The Writer SL.....
0 Comments