Ticker

6/recent/ticker-posts

තාමත් අභිරහසක් වුන චීනේ අංක 375 බස් රථයේ කතාව

තාමත් අභිරහසක් වුන චීනේ අංක 375 බස් රථයේ කතාව

අංක 375/302 දරන බස් රථය මගීන් කිහිප දෙනෙකු සමඟ සුපුරුදු මාර්ගයේ ගමන් කලා. බස් රථයේ හිටියේ  එහි  රියදුරු සහ කාන්තා බස් කොන්දොස්තරවරියකි..සාමාන්‍ය වේලාවට අනුව මගීන් බසයට ගොඩ වී ගොඩ බැස්ස අතර එක් අවස්ථාවක බසයේ මැද ආසනවල වැඩිහිටි කාන්තාවක් (අවුරුදු 55-60 ක් පමණ) පමණක් වාඩි වී සිටි අතර හරියටම ඇයට පිටුපසින් සිටියේ වයස අවුරුදු 20 ක පමණ තරුණයෙකි. එසේම තරුණ යුවළක් බසයේ පිටවීමේ දොර අසල වාඩි වී සිටියහ.

ගමනාන්තයට නැවතුම් හතරකට විතර කලින් බස් නැවතුම්පොළේ පුද්ගලයන් දෙදෙනෙකු සිටගෙන සිටින බව බස් රථ රියදුරු දැකල බස් එක නවත්තනවා. මේ මගීන් බසයට ගොඩවන්නේ පිටුපස දොරෙන්. ඔවුන් බස් නැවතුමේ සිටගෙන සිටින විට පුද්ගලයන් දෙදෙනෙකු පෙනෙන්නට සිටියත් ඔවුන් බසයට ගොඩ වන විට ඇත්තටම ඉදල තියෙන්නේ තුන්දෙනෙක්. මේ තුන්දෙනා  සම්ප්රදායික චීන ඇඳුම් තමයි ඇදන් හිටියේ. මේ තුන්දෙනා  වාහනයට ගොඩ වූ ආකාරය නිසාත්, ඔවුන් අමුතු ලෙස ඇඳ පැළඳ සිටීම නිසාත් බස් රථයේ සිටි සෙසු මගීන් ටිකක් බය වුනා. ටික වේලාවකට පසු ඊළඟ නැවතුම පැමිණි අතර බස් එකේ දොර ලග හිටපු කපල් එක එතනින් බැස්සා.

දැන් බස් එකේ 7 දෙනෙක් ඉන්නවා, වවයසක  කාන්තාවක්, තරුණ පිරිමි ළමයෙක්, බස් එක එලවන කෙනයි ,කොන්දොස්තර කෙල්ලය සහ අර අමුතු මගීන් තුන්දෙනා. මහලු කාන්තාව බසයේ මැද අසුනේද, තරුණයා ඇයට ඉදිරියෙන් සිටි අසුනේද, එම මගීන් තිදෙනා පිටුපස අසුනේද වාඩි වෙලා හිටියා.

මහලු කාන්තාව මගීන් තිදෙනා දෙස නැවත නැවතත් බැලුවාය, සෑම විටම ඇය ඔවුන් දැකීමට බිය වූවාය.ඇයි දන්නවද ,බස් එකේ ජනේලෙන් ආපු හුළං පාර නිසා මේ තුන්දේනා ඇදගෙන හිටපු ඇදුමෙ යට කොටස එහා මෙහා වුනා.එතකොට මේ වයසක ඇන්ටි දැක්කා මෙයාලට කකුල් නෑ කියල.

ටික වේලාවකට පස්සේ , මේ වයසක ඇන්ටි  නැඟිටල , ඉස්සරහ  සීට් එකේ ඉදපු  කොල්ලට  බනින්න ගත්තා,මූ මගෙ පර්ස් එක ගත්ත කියල.කොල්ලා කිව්වේ ඉස්සරහ සීට් එකේ ඉඳගෙන කොහොමද මන් පර්ස් එක හොරකම් කරන්නේ කියලා. ඒ උනාට මහලු කාන්තාව එයට ඇහුම්කන් දුන්නේ නෑ .ඒ වෙනුවට ඔහුට හයියෙන් බනින්න ගත්තා. වයෝවෘද්ධ කාන්තාවගේ හඬ ඇසී බස් කොන්දොස්තර ඇය වෙත පැමිණ සිදු වුනේ මොකක්ද කියල ඇහුවම  වයසක කාන්තාව කියනවා මේ ළමයා මගේ මුදල් පසුම්බිය සොරකම් කළා කියලා. කොල්ලා කියනවා මම එයාගේ ඉස්සරහා ඉඳගෙන ඉදල , මම කොහොමද එයාගේ පර්ස් එක හොරකම් කරන්නේ?කොන්දොස්තර නෝනා වයසක නෝනාට කිව්වා  මේ කොල්ලට ඔයාගේ පර්ස් එක හොරකම් කරන්න බෑ, ඔයාගේ පර්ස් එක කොහේ හරි වැටෙන්න ඇති කියලා. 

කොන්දොස්තර නෝනා බොහෝ පෙරැත්ත කළත් මහලු කාන්තාව ඊට එකඟ නොවී අපි දෙන්නව ඊළඟ ස්ටේෂන් එකට දාන්න, මට මේ තරුණයා පොලිසියට ගෙනියන්න ඕන කියලා කිව්වා. ඊළඟ ස්ටේෂන් එකට ළඟා වුනාම , රියදුරු බසය නවත්තල , වයෝවෘද්ධ කාන්තාව සහ තරුණයාව බස්සල ආයේ බස් එක එලවගෙන ගියා.

පොඩි කොල්ලා තරහින්  වයෝවෘද්ධ කාන්තාවට කියනවා කෝ මෙතන පොලිසිය, මගේ අන්තිම බස් එකත් ගියා දැන් මම කොහොමද ගෙදර යන්නේ කියලා. ඉතින් වයසක නෝනා කියනවා මෙතන පොලිසියක් නෑ, ඔයාව පොලිසියට ගෙනියන්න මම බස් එකෙන් බැස්සේ නැහැ, ඒත් මට ඔයාගේ ජීවිතය බේරගන්නයි ඕනි උනේ කිව්වා .

තරුණයා අහනවා මොකද වුණේ, ඇයි ඔයාට මගේ ජීවිතය බේරගන්න වුණේ? කියලා. වයෝවෘද්ධ කාන්තාව කිව්වා  පිටිපස්සේ හිටපු තුන්දෙනා ටිකක් අමුතු බවත්ය. මම ඔවුන් දෙස නොනවත්වා බලා හිටියා, බස් එකේ ජනේලෙන් ආපු හුළං පාර නිසා මේ තුන්දේනා ඇදගෙන හිටපු ඇදුමෙ යට කොටස එහා මෙහා වුනා.එතකොට දැක්කා එයාලට කකුල් නෑ කියල.මුලදී මට හිතුනේ මේක මගේ මිත්‍යාවක් කියලා හොඳට හොයලා බලනකොට තේරුනා  ඒ මිනිස්සු, මිනිස්සු නෙවෙයි වෙන දෙයක් කියලා මට තේරුණා.මම හිතුවේ මුන් හොල්මන් කියලා, ඒ අයගෙන් ඔයාවයි මගේ ජීවිතයයි බේරගන්න ඕනේ. ඒකට මම ඔයාට බොරුවට චෝදනා කළා අපිට බස් එකෙන් බහින්න පුළුවන් වෙන්න මුදල් පසුම්බියක් සොරකම් කළා කියලා,.තරුණයා කිව්වා එහෙම නම් ඇයි ඔයා බස් එකේ කට්ටිය එක්ක කතා කළේ නැත්තේ? වයෝවෘද්ධ නෝනා කියනවා මම කොන්දොස්තර කෙල්ලට කතා කළා කියලා, නමුත් ඇය කිව්වා මේක ඔයාගේ මිත්යාවක් මිස වෙන කිසිවක් නෙමෙයි කියලා.

වයසක කාන්තාව කියනවා අපි පොලිසියට ගිහින් මේ හැමදේම පොලිසියට කියමු කියලා. පොලිසියට ගිය පසු දෙදෙනාම පොලිසියට සියල්ල කීහ. නමුත් පොලිසිය වාර්තාව ලියා නොගත් අතර ඔවුන්ට කිව්වා  "ඔයාලා දැන් ගෙදර යන්න, අපි මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නම් "කියල .

වයෝවෘද්ධ කාන්තාව සහ තරුණයා දෙදෙනාම ඔවුන්ගේ නිවෙස්වලට ගියහ. නොවැම්බර් 15 වැනිදා උදෑසන යුවාන් මිං යුවාන් සිට ෂියැං ෂාන් දක්වා දිවෙන අංක 375 දරන බස් රථය තවමත් බස් පර්යන්තයට ළඟා වී නැති බව ෂියැං ෂාන් බස් පර්යන්ත නිලධාරීන්ට දැනගන්නට හම්බුනා .

ෂියැං ෂාන් බස් පර්යන්තයේ නිලධාරීන්ට දැනගන්නට ලැබෙන්නේ බස් රථය අවසන් වරට එහි ගමනාන්තයට පෙර සිව්වන ස්ථානයේදී දැක ඇති බවයි.බොහෝ සෙයින් බසය ගැන  සෝදිසි කළද බස් රථයේ සහ කාර්ය මණ්ඩලයේ කිසිඳු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ අතර, ඉන් පසුව නිලධාරීන් විසින් බස් රථය අතුරුදන්  උනා කියල පොලිසියට කිව්වා. මේ පොලිසියේ අය  මෙම බස් රථය අතුරුදහන් වීම මෙම බස් රථය ගමන් කළ සෑම පොලිස් ස්ථානයකටම කිව්වා.අංක 375 දරණ බස් රථය ගැන නොවැම්බර් 14 වැනිදා රාත්‍රියේ පොලිසියට ආපු  මහලු කාන්තාව සහ තරුණයකු මේ ගැන කිව්ව කියල දැනගෙන , එම ස්ථානයේ නිලධාරියා වහාම මහලු කාන්තාව සහ තරුණයා පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත්තා. 

නොවැම්බර් 16 වෙනිදා මෙම අංක 375 බස් රථය මහලු කාන්තාව සහ තරුණයා බැස ගිය ස්ථානයේ සිට කිලෝමීටර් 100 ක් පමණ දුරින් ගඟකින් පිටතට ගෙන ඇත. මෙම බස් රථයේ තිබී මළ සිරුරු 5ක් සොයාගෙන ඇත.බස් එක ගඟෙන් අදිද්දී පොලිසියයි වෛද්‍යවරුයි හැමෝම එතන හිටියා. ඒ මළ සිරුරු පහ එළියට ගත්තම ඒ මළ සිරුරු දැකලා හැමෝම පුදුම  වුණා. මොකඩහ කියන්වනම්  මළ සිරුරු පහෙන් බස් රථ සේවකයින්ගේ මළ සිරුරු නිවැරදි වුවත් අර අමුතු  මගීන් තුන්දෙනාගේ මළ සිරුරු දැඩි ලෙස නරක් වෙලා තමා තිබිල තියෙන්නේ.තවද බස් එකේ ඉන්ධන ටැංකියේ ලේ තිබිල හොයාගෙන තියෙනවා.

මේ සිදුවීම ගැන වැඩිදුර සොයා බැලීමෙන් පසු අද දක්වාම පිළිතුරු සොයා ගැනීමට නොහැකි වූ  අද්භූත ප්‍රශ්න රාශියක් පැන නැගිල තියෙනවා.

  • බස් රථයේ සිටි අද්භූත මගීන් තිදෙනා කවුද? හොල්මන්ද ?
  • එම මගීන් තිදෙනා මියගොස් දින දෙකක් පමණක් ගත වී ඇතත්, ඔවුන්ගේ අනෙක් සිරුරු දෙකට වඩා  නරක් වූයේ ඇයි?
  • බසයේ ඉන්ධන ටැංකියට ලේ ගියේ කොහොමද?
  • ඒ බස් එක කිසිම බස් නැවතුමක කැමරාවක නොපෙනුණේ ඇයි?
තාමත් මේක නොවිසදුන අබිරහසක් කියල තමා චීනේ අය කියන්නේ, සමහර අය තවමත් මේ සිද්ධිය ගැන කතා කරන්න බයයි.

හොද,නරක ඔයාලගේ අදහස් ,යෝජනා තියෙනවනම් කමෙන්ට් කරන්න කට්ටියම !ඊළඟ ආටිකල් එකක්  ගේන්න ඕනි මොකක්ද කියල කැමතිනම්  ඒකත් කමෙන්ට් කරන්න.ෆේස්බුක් එකෙන් මාව ෆලෝ කරලා ටච් එකේ ඉන්න.ඊළග ආටිකල් එකෙන් අපි ආයෙත් හම්බෙමු...

මම The Writer SL.....



Sources & References-:

www.infocannep.com
www.scaryforkids.com
www.paidforarticles.com
DeepWebArchivesOfficial



Post a Comment

1 Comments