ඉන්දියාවේ ගැබිනි මිනිසා,සංජු භගත්ගේ කුතුහලය දනවන සිදුවීම.
භගත් උපත ලැබුවේ 1963 දී ඉන්දියාවේ නාග්පූර් නගරයේ ය. ඔහු සාමාන්‍ය ඉන්දියානු පුරවැසියෙකු වගේම සරල ගොවියෙකු ලෙස ජීවත් විය.
ඔහුගේ ළමා කාලය සාමාන්‍ය වූ අතර කිසිදු සෞඛ්‍ය සංකූලතාවයක් පෙන්නුම් කරන සලකුනක් නොතිබුණි.
ඔහුගේ නව යොවුන් වියේ සිටම, ඔහුට තම පවුල පෝෂණය කිරීම සඳහා ගොවිපලක වැඩ කිරීමට සහ ජීවිකාව උපයා ගැනීමට සිදු වුනා.
ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ඔහු වෙහෙස මහන්සි වී වැඩ කලා.කාලයත් සමග මෙයාගේ බඩ එන්න ගත්තා. ඒක තරමක් අමුතු දෙයක් වූනේ ඔහු එතරම් ආහාර නොගත් නිසාත් ඔහු නිතරම කුඹුරුවල වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටි නිසාය.
ඔහුට වයස අවුරුදු 30පමන වනවිට බොහෝ ප්‍රදේශවාසීන් මෙයාට උසුළු විසුළු කළේ ඔහු ගැබිනි පුදගලයකු ලෙස සිටින බව කියායි.
විශාල වූ බඩ නිසා කොන්දේ වේදනාව ද ගැටලුවක් විය, නමුත් සන්ජු කිසි විටෙකත් වේදනාව හෝ දුෂ්කරතා ගැන නොතකා එයාගේ රස්සාව වෙච්ච ගොවිතැන කරගෙන ගියා.
රෝහලකට යන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප වතාවක්ම ඔහුට පැවසූවත් ඒකට ගොඩක් වියදම් යනව වගේම රස්සාව කරන්න බැරිවෙයි කියල හිතල සන්ජු රෝහලට ගියේ නෑ.
නමුත් 1999දී දවසක මෙයාගෙ ලොකු බඩ නිසා හුස්ම ගන්න අමාරුවෙලා ඔහුව ගිලන් රථයකින් මුම්බායිවල තිබ්බ රෝහලකට ඇරගෙන ගියා.
වසර ගණනාවක් ගෙවී යද්දී, තමන්ගේ විශාල වූ බඩත් එක්ක සන්ජුගේ ජීවනෝපායකරගෙන යන එක ටිකක් දුෂ්කර වුනා. එදින රෝහලේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍ය අජේ මේතා හිතුවේ බඩ ලොකු වෙන්න හේතුව බඩේ ගෙඩියක් තියෙනව කියලයි. භගත්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා, හැකි ඉක්මනින් ගෙඩිය ඉවත් කිරීමට සිදු වූ නමුත් එහි ඇති අමුතු තත්ත්වය නිසා එය බොහෝ අවදානම් වුනා.
ගෙඩිය හරියටම භගත්ගේ බඩ ඇතුලේ තිබෙන බව පෙනුන අතර පුදුමයට කරුණක් නම් එය ආමාශයේ අඩංගු ද්‍රව්‍ය වලින් පෝෂණය වන බව පෙනෙන්නට තිබ්බා.
වෛද්‍ය අජේ පිළිකා ඉවත් කිරීමේ විශේෂඥයෙකු වූ අතර වසර ගණනාවක පළපුරුද්ද නිසා සැත්කම ආරම්භ කිරීමට පෙර ගෙඩිය ඇති ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට ඔහුට හැකි විය.
ඔහු සන්ජුගේ බඩ කැපූ පසු විශාල තරලයක් පිට වූ අතර ඔහු දුටු දෙයින් බියට පත්වුනා.
මෙය ගෙඩියක් නොව නිවුන් සහෝදරයෙකු වීමට පමණක් හැකි විකෘති ශරීරයක් බව වෛද්‍ය අජේට වැටහුනා.
වෛද්‍යවරුන් එය හඳුන්වන පරිදි විකෘති වූ මෙම සහෝදරයා ඔහු ඉපදුණු දා සිටම සන්ජු තුළ වැඩී ඇත. විකෘති කලලයට හිසකෙස්, කකුල්, නියපොතු, අස්ථි සහ දත් සහිත හකු තිබුණි.
සමහර අය සිතන්නේ සන්ජු දරුවෙකු බිහි කළ බවයි, නමුත් පිටුපස ඇති වෛද්‍ය තර්කය වෙනත්ම දෙයකි.
මෙහිදී සිදු වූ දේ විස්තර කිරීමට හොඳම වෛද්‍ය යෙදුම වන්නේ fetus in fetu නම් අතිශය දුර්ලභ තත්ත්වයයි. කලලරූපයේ කලලරූපය එහෙමත් නැත්තන් fetus in fetu කියන්නේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු අනෙකාගේ ශරීරයේ සිටීම ලෙස අර්ථ දක්වා ඇති දුර්ලභ තත්වයකි.
එය අතිශය දුර්ලභ අසාමාන්‍යතාවයක් වන අතර, කලලයක් එහි නිවුන් දරුවා තුළ සිර වූ විට සිදු වේ.සන්ජුගේ මේ සිදුවීමෙදී එයාගේ ජීවිතේ බේරුනා.
ඇත්ත වශයෙන්ම කියන්වනම් සන්ජු වසර 36 ක් තිස්සේ සම්පූර්ණයෙන්ම වැඩුණු අත් පා, හිසකෙස් සහ දිගු නියපොතු සහිත ඔහුගේ නිවුන් සොහොයුරාගේ විකෘති ශරීරය දරාගෙන හිටියා.
ශල්‍යකර්මයෙන් පසුව, සන්ජුගේ වේදනාව සහ හුස්ම ගැනීමේ නොහැකියාව පහව ගිය අතර ඔහු වහාම යථා තත්ත්වයට පත් වුනා. මෙයාගේ බර රාත්තල් 200 සිට රාත්තල් 88 දක්වා අඩු වුනා.
ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම අවට සිටි අය ඔහුගේ විශාල බඩ ගැන ඔහුට විහිළු කළ අතර ඔහු ගැබ්ගෙන ඇති බවට විහිලු කලා.හාස්‍යයට කරුණක් නම් ඔවුන් කී දේ සත්‍යය වීමයි.
අද සන්ජු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර සාමාන්‍ය ජීවිතයක් ගත කරන නමුත් ඔහු තවමත් ඉඳහිට විහිළුවට ලක් වේ. මිනිස්සු තාමත් මෙයාට හිනාවෙලා කියනවා ඔපරේෂන් කරලා බබෙක් හම්බුනා කියලා.
කලින් ආටිකල්වල වගේම කියන්න තියෙන්නේ හොද,නරක ඔයාලගේ අදහස් ,යෝජනා තියෙනවනම් කමෙන්ට් කරන්න කියල තමයි.
ෆේස්බුක් එකෙන් මාව ෆලෝ කරලා ටච් එකේ ඉන්න.
ඊළග ආටිකල් එකෙන් අපි ආයෙත් හම්බෙමු...
මම The Writer SL.....
යූටියුබ් එකෙන් බලන්න-https://www.youtube.com/watch?v=BjOpCXanUZ4
0 Comments